පෙරමිශ්‍රක පිරියත (Premix Plant)
  මහා පරිමාණයෙන් කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම පිණිස මෙම උපකරණ සංකීරණය ස්ථාපනය කර ගනී. මහි දී අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම ස්වයංක්‍රීය ව යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරේ.

ඒ සඳහා මිශ්‍රණ අනුපාත බර අනුව භාවිත කෙරෙයි. මිශ්‍රණය බොහෝ දුර ප්‍රවාහනය කිරීම සඳහා අදාළ වාහනවලට පැටවීමට පෙර මූලික සවි වීමේ කාලය ප්‍රමාද කිරීමට රසායනික සංයෝගය ද මිශ්‍ර කෙරෙයි. මෙම රසායනික ද්‍රව්‍ය මන්දක සම්මිශ්‍රණ (Admixture - Retarders) ලෙස හැඳින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017