ගල්, වැලි, සිමෙන්ති, ජලය එකට මිශ්‍රණය කිරීමේ යන්ත්‍රයකි. ඩීසල් එන්ජිමකින් ක්‍රියාකරන මෙහි ධාරිතාව බැරලයේ ප්‍රමාණයෙන් හා එන්ජිමේ ධාරිතාවෙන් ප්‍රකාශ කෙරේ. වරකට සිමෙන්ති කොට්ට එකක සිට විශාල ප්‍රමාණයක් මිශ්‍ර කර ගත හැකි විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් මිශ්‍රණ යන්ත්‍ර ඇත. අමුද්‍රව්‍ය ඇතුළු කිරීමට හා මිශ්‍රණය පිටතට ගැනීමට බැරලයේ කට ඉහළ පහළට චලනය කළ හැකි ය.