ජල පොම්පය (Water Pumps)
  ඉදිකිරීම් කටයුතුවල දී පොම්පය ඉතා වැදගත් උපරණයකි. ජලය ලබා ගැනීමටත්, ජලය බැහැර කිරීමටත් මෙය උපකාරි වේ. මේ සඳහා බහුලව භාවිත කරනුයේ කේන්ද්‍රාපසාරී පොම්ප (Centrifugal pumps) ය.

විදුලි බලයෙන් ක්‍රියාකරන, විවිධ ධාරිතාවන්ගෙන් හා විශ්කම්භයෙන් යුත් චූෂණ සහ බෙදාහැරීමේ නළවලින් සමන්විත පොම්ප ඇත. ජලයේ ගිල්වූ පොම්ප සබ් මර්සිබල් පොම්ප (Submerssible pumps) ලෙස හඳුන්වන අතර, මඩ සහිත ජලය සමඟ ඉවත් කිරීමේ දී මෙය ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017