කරු ඔසවනය (Fork lift)
  මෙම උපකරණය කර්මාන්තශාලාවල දී භාණ්ඩ පැටවීම, එහා මෙහා ගෙන යාම හා බෑම සඳහා භාවිතයට ගැනෙයි. මෙහි ඉදිරිපස ඇති උල් දෙක එසවිය යුතු භාණ්ඩයට යටින් දමා සිර කොට සිරස් ව ඔසවා ගත හැකි ය.

තව ද ඔසවා චලනය කළ හැකි ය. රඳවා ගැනීමේ පහසුව සඳහා එසවිය යුතු භාණ්ඩ ඵලකයක් මත රඳවා එසවීම කරනු ලැබේ. මෙහි ඉදිරිපස රෝදවලට ගල් ටයර් සවි කර ඇත. බහාලුම් පෙට්ටි (කන්ටේනර්) ප්‍රවාහනයේ දී ද මෙම උපකරණය උපයෝගි කර ගනියි.

(c) Shilpa Sayura Foundation 2006-2017