දෙවැනි මිහිඳු
 

ක්‍රි.ව. 787-807
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 20 යි)

සලමෙවන් රජුගේ පුත්‍ර වූ මිහිඳු නම් කුමාරයෙක්‌ මෙකල මාතොට වාසය කෙළේය. හෙතෙම අග්බෝ රජු මළ බව අසා නුවරට ගොස්‌ රාජ්‍යය අත්පත් කොට ගත්තේය. එකල්හි සිලාමේඝ රජුගේ බෑනා වූ මහා ධන ඇත්තා වූ දප්පුල නම් කුමාරයා සේනාව රැස්‌කරගෙන යුද්ධයට ගියේය.

මිහිඳු කුමාරයා ඔහු පලවා හැරියේය. දප්පුල කුමාරයා මලය රටට ගොස්‌ රුහුණෙහි සිටි බෑණන් දෙදෙනකුත් කැඳවා ගෙන මහත් සේනාවක්‌ සමඟ ගොස්‌ රාත්‍රීයේ මිහිඳු රජුගේ නුවර වටලෑවේය. මිහිඳු රජ රාත්‍රියේ සේනාව සංවිධාන කොට අළුයම
දොරටුවකින් නික්‌ම ගොස්‌ විශාල යුද්ධයක්‌ කෙළේය. සතුරු සෙනඟ විසිර ගියහ. දප්පුල කුමාරයා රුහුණු රටට පලා ගියේය.

මින් කලකට පසු දප්පුල කුමාරයා නැවතත් යුද්ධයට ගොස්‌ පරාදව පලා ගියේය. ඉක්‌බිති රජතෙම දප්පුල කුමරුන් සමඟ මිත්‍ර විය. ඔහුට කළු ගඟින් එතෙර අයිති කර ගැනීමට ඉඩ දුන්නේය. මිහිඳු රජු මෙපරිද්දෙන් රාජ්‍යය නිරවුල් කොට තබා පොළොන්නරුවෙහි තැඹිලිතොට නම් පිරිවෙණක්‌ ද රත්නප්‍රාසාදය යන නමින්
මාලිගාවක්‌ ද තවත් බොහෝ ප්‍රාසාදයන් ද කරවා ඒ නුවර අලංකාර කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017