අැදුම් පිරිකැණිය (Grab bucket)
  එදිනෙදා භාවිතයේ දැක ගැනීමට අපහසු නමුත් මහා පරිමාණ කැණීම්වල දී බොහෝ දුර සිට වැලි, පස් ආදිය හාරා ලබා ගැනීමටත් එය පැටවීමත් මෙය භාවිත කෙරයි. මෙහි ඉණිමගක් වැනි දොඹකරයෙන් ඉතා විශාල බරක් එසවීමේ හැකියාව ද යම් දුරකට ප්‍රවාහණය කිරීමේ හැකියාව ද ඇත.

ඉතා දුර්වල ඉසිලුම් ධාරිතාව සහිත බිම්වල ගොඩනැගිලි ඉදිකිරීමේ දී භාවිත ටැඹ අත්තිවාරම්හි පෙරසවි කොන්ක්‍රීට් ටැඹ ගිල්වීමේ දී, ටැඹ ගිල්වීමේ හෙළුම් මිටිය (Drop hammer) එල්ලා තැබීමටත්, එමගින් ටැඹ හිසට පහර එල්ල කිරීම සඳහාත් භාවිත කරනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017