මෝටර් ගේඩරය (Motor Grader)
  මෙය බහුල ව භාවිත කරනුයේ මහාමාර්ග ඉදිකිරීමේ කාර්යයේ දී ය. පස්, වැලි, කැටගල් ආදිය පොළොව මත එකම මට්ටමින් අතුරා ගැනීමට මෙම යන්ත්‍රය භාවිත කරයි.

මෙහි පහළින් තිබෙන කුල්ලක් වැනි තල්ලු කිරීමේ සවල ඉහළ පහළ කිරීම, ආනත කිරීම සිදු කළ හැකි ය. මෙම උපකරණයට ද ඉන්ධන දහනයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් මගින් ශක්තිය ලබා ගනියි.

(c) Shilpa Sayura Foundation 2006-2017