Construction Machine and Equipments
 කිසියම් කාර්යයක් පහසුවෙන් කරගැනීමටත් කැපීම්, සීරීම්, සිදුරු කිරීම් වැනි භෞතික වෙනසක් ඇති කිරීම සඳහාත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී ආවුද හා උපකරණ භාවිත කරනු ලබයි. උපකරණ භාවිත කරනුයේ මැනීම, මට්ටම් බැලීම, සලකුණු කිරීම, කෝණ ගැනීම වැනි කාර්යයන් සඳහා යි.

මීට අමතර ව ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ තවත් මෙවලම් හඳුන්වා දී ඇත. මේවා භාවිතයෙන් කරන කාර්යය ඉතා නිවැරදි ව වේගවත් ව හා කාර්යක්ෂම ව ඉටුකරගැනීමේ හැකියාව පවතී. මෙම යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය බලය සැපයීමට ප්‍රධාන වශයෙන් ඉන්ධන දහනය තුළින් ලබාගන්නා ශක්තිය ඉවහල් වෙයි.

ප්‍රමාණයෙන් ඉතා කුඩා, සරල කටයුතු සඳහා යන්ත්‍රෝපකරණවලට ශක්තිය සපයා ගැනීමට මිනිස් ශ්‍රමය හෝ සතුන්ගේ ශක්තිය යොද ගන්නා අවස්ථා ද ඇත. මෙනිසා අදටත් යන්ත්‍රයක ශක්තිය ප්‍රකාශ කිරීමට "අශ්ව බල" යන මිනුම් ඒකකය භාවිත වේ.

තව ද ඉන්ධන දහනයෙන් ලබාගන්නා ශක්තියට අමතර ව විදුලිය ද භාවිත කෙරේ. මීට අමතර ව සම්පීඩනය කළ වායුව යෝදා ගන්නා අවස්ථා ද ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017