නියෝග 68 යටතේ යම් ගොඩනැගිල්ලක් පදිංචි වීමට පෙර අනුකූලතා සහතිකයක් ලබා ගත යුතු වේ. එමෙන් ම අනුකූලතා සහතිකය විදුලි, ජල වැනි සේවාවන් ලබාගැනීමට ද අවශ්‍ය වේ. අනුකූලතා සහතික ලබාදීමේ දී අනුමත කරනු ලබන සැලසුමට සාධාරණ ලෙස ගොඩනැගිල්ල ඉදි කර ඇති දැයි පරීක්ෂා කොට, සෑහීමට පත් වන්නේ නම්, අදාළ පළාත් පාලන ආයතනය මගින් අනුකූලතා සහතිකය නිකුත් කෙරේ.