බීම සඳහා ජලය සපයන ළිඳ හා වැසිකිළියේ ගවර වළ (Cess Pool) හෝ දිය උරන වළ (Soakage pit) අතර පැවතිය යුතු අවම පරතරය මීටර 15 කි. මෙම පරතරය තබාගැනීමෙන් වැසිකිළි අපද්‍රව්‍ය ළිඳේ ජලයට ඇතුළු වීම වළක්වාලීම අපේක්ෂා කෙරේ. මෙමගින් සෞඛ්යාරක්ෂිත තත්ත්වයන් ඇති කිරීම ප්‍රධාන අරමුණ යි.
පදිංචිය සඳහා වූ සෑම ඒකකයක් සඳහා ම අවම වශයෙන් එක් වැසිකිලියක් තිබිය යුතු වේ. කැලිකසල සහ අපවිත්‍ර ජලය බැහැර කරනු ලබන සියලු පිටාර එවකට පවත්නා පොදු කසළ අපවහන ක්‍රමයකට සම්බන්ධ කළ යුතු අතර එවැනි අවස්ථාවක දී එය කළ යුත්තේ මනු බිලක් (Manhole) හරහා ය.
පොදු කැලිකසළ අපවහන ක්‍රමයක් නොමැති අවස්ථාවල දී එකී කැලිකසළ පූතික ටැංකියකට (Septic tank) සම්බන්ධ කළ යුතු වේ. එමෙන් ම ජලය දිය බස්නා වළකට යෝමු කළ යුතු ය. මේ සඳහා වෘත්තාකාර හැඩයට සකස් කළ වළක් යොදා ගැනේ. එහි පතුල කොන්ක්‍රීට් කළ යුතු අතර වළෙහි 1 mක් උසට කපරාරු කළ යුතු වේ.
63 නියෝගයට අනුව යම් ස්ථානයක ජනනය වන අපද්‍රව්‍ය එකතු කොට ඒ ස්ථානයේ නිවැසියන්ගේ සෞඛ්‍යය ආරක්ෂා වන පරිදි අධිකාරිය විසින් සෑහීමකට පත් වන ක්‍රමයකට බැහැර කළ යුතු වෙයි.