ගොඩනැගිලි අවට විවෘත ප්‍රදේශ
 නියෝග අංක 26 මගින් ගොඩනැගිල්ලක පිටුපස 6 mට වඩා පළල් නොවූ වීථියකට යාබද ව පිහිටා නැති විට සෑම ගොඩනැගිල්ලක ම පිටුපස ඊට අයත් 3 mට නො අඩු විවෘත ඉඩකඩක් තිබිය යුතු ය.

ගොඩනැගිල්ලක් පිහිටා ඇති ඉඩමේ මායිම් වීථි එකකට වඩා වැඩි ගණනකට යාබද ව පිහිටා ඇති විට ගොඩනැගිල්ලේ ඉදිරිපස ලෙස (අධිකාරිය විශේෂයෙන් අනුමත නොකරන විට) සලකනු ලබන්නේ පළලින් වැඩි මාර්ගය වන අතර එම මාර්ගයට ඈතින් ම පිහිටි මුහුණත ගොඩනැගිල්ලේ පිටුපස ලෙස සලකනු ලැබේ.

එම විවෘත අවකාශය තුළ සඳලුතල, කැන්ටිලීවර හෝ හිරු ආවරණ 1 mට වඩා පළලට ඉදිකළ නොහැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017