ගොඩනැගිල්ල තුළට ප්‍රමාණවත් ආලෝකය හා වාතාශ්‍රය සැපයීම සඳහා ප්‍රමාණවත් විවිධ අවකාශ පවත්වා ගැනීමත් 41 වගන්තිය මගින් නීත්‍යනුකූල වාතාශ්‍රය අවශ්‍ය නොවන ගබඩා කාමරවල බිම් ප්‍රමාණය 2.25 m2ට වැඩි නොවිය යුතු බවත් එහි දිග හෝ පළල හෝ 1.5 mට ඉක්ම නොවිය යුතු බවත් ඇතුළත් ය.
එම නියෝගයෙන් කාමරවල අවම උස පහත පරිදි වේ.
* වැසිකිළි නානකාමර සඳහා කොරිඩෝව 2.1 mට අඩු නොවිය යුතු ය.
* ගොඩනැගිල්ලක පිහිටි අනෙක් සියලු කාමර සඳහා වූ අවම උස 2.7 mට අඩු නොවිය යුතු ය. එසේ වුව ද වහලේ මට්ටමින් උඩට විහිදෙන බාල්ක හා ඒ හා සමාන ධාරක කිසිම අවස්ථාවක එකී උස 2.4 mට වඩා අඩු නොවිය යුතු ය.
* මධ්‍යම වා සකසන ක්‍රමයක් මගින් වායු සමීකරණය කළ ගෝඩනැගිල්ලක පිහිටි කාමරවල අවම උස 2.4 mට අඩු නොවිය යුතු ය.
පනතේ 42 නියෝගය යටතේ ඇල වූ වහලයක් සහිත කාමර සම්බන්ධයෙන් ඇල වූ වහලයේ මධ්‍ය ලක්ෂ්‍යයේ දී උස, 42 නියෝගයේ සඳහන් ප්‍රමාණවලට අනුකූල විය යුතු අතර කාමරයේ කිසිදු කොටසක අවම උස 2.1 mට අඩු නොවිය යුතු වේ.
මෙම නියෝග මගින් අපේක්ෂා කරනුයේ කාමරවලට අවශ්‍ය වාතාශ්‍රය හා ආලෝකය ප්‍රමාණවත් ව ලබා ගැනීමට පහසුකම් සැලසීම ය.