ගොඩනැගිල්ලේ ස්ථායිතාව හා කාලගුණයෙන් ආරක්ෂා කිරීම මගින් එහි සිටින පුද්ගලයන්ගේ මෙන් ම එය භාවිත කරන්නන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට පනත තුළ විවිධ නියෝග පනවා ඇත. මීට අමතර ව සෞඛ්‍ය සම්පන්න බව ඇති කරලීම උදෙසා ද පනත තුළ විවිධ නියෝග පනවා ඇත.
6 වගන්තියේ (ආ)iv මගින් ඉඉඩමේ පවත්නා කාණු ජල මාර්ග පිළිබඳ ව ද, එහි (v) කොටසින් ඉඩමේ පිහිටීම සමෝච්ච රේඛා හෝ ස්ථානීය මට්ටම් හෝ ඉදිරිපස වීථියේ මට්ටම් අවශ්‍ය ස්ථාන ද දැක්වීමත් නීති ගත කොට ඇත්තේ ආරක්ෂාව පදනම් කරගෙන ය.
පනතේ 33 වගන්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පීය පාලනය යටතේ ආරක්ෂාව සඳහා වන නියෝග පනවා ඇත. තව ද පනතේ 38 වගන්තිඋ මගින් ගෝඩනැගිල්ලකට ඉහළින් අවවෝල්ටීයතා විදුලි රැහැන් පිහිටන විට රැහැන හා ගොඩනැගිල්ලේ ඉහළම ස්ථානය අතර යටත් පිරිසෙයින් 1.5 mක සිරස් දුරක් පවත්වා ගත යුතු ය.
අධිවෝල්ටීයතා රැහැන් ගොඩනැගිල්ලකට ඉහළින් පිහිටන විට රැහැන් හා ගොඩනැගිල්ලේ ඉහළම ස්ථානය අතර යටත් පිරිසෙයින් 4.5 mක සිරස් හා තිරස් පරතරයක් සහිතව පවත්වා ගැනීමටත් නියෝග කර ඇත.