අනෙකුත් කාර්යයන්හි දී මෙන් ම ගොඩනැගිලි ඉදිකිරීමේ දී ද අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ ව 1976 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 වන වගන්තියට අදාළව හා එම පනතේ 21 වගන්තියට අදාළව 1986.03.12 දින රජය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නීතිගත කොට ඇත.
එමගින්, ගොඩනැගිල්ලක ජීවත්වන්නන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ. එබැවින් සෑම ඉදිකිරීමක් ම අදාළ ගැසටි නිවේදනයේ රෙගුලාසිවලට අනුකූලව සිදු කළ යුතු ය. එසේම අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට රෙගුලාසිවලට අනුකූල ව සැලසුම් ඉදිරිපත් කළ යුතු ය.
1986.03.10 ගැසට් නිවේදනයට අනුකූල ව ආරක්ෂා ව හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කිරීම පිණිස අවධානය යොමු කර ඇති ප්‍රධාන අංග කිහිපයකි. එනම්,
* හැටුම් ස්ථායිතාව
* ගිනි ආරක්ෂණය
* කාලගුණයෙන් ආරක්ෂා කිරීම
* ශබ්ද හා තාප පරිවරණය
* ආරක්ෂිත හිණි පෙත්, ආරක්ෂිත බෑවුම් මං, ආරක්ෂිත වැටවල්
* බලශක්ති කාර්යක්ෂමතාව
පනතේ අංක 9 මගින් අනුමැතිය ලබා ගැනීමට විශාල ගොඩනැගිලි ඉදි කිරීමේ දී ගොඩනැගිල්ලේ සවිස්තරාත්මක ව්‍යූහ සැලසුම් ඉදිරිපත් කළ යුතු බවට නියෝග කර ඇත්තේ ද හැටුම් ස්ථායිතාව තහවුරු කිරීමට බව සනාථ වේ.