ක්‍රි.ව. 741-781
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු.40 යි)
මේ රජ රාජ්‍යයට පැමිණ නොබෝ කලකින් අග්බෝ උප රජතෙමේ රජහට දාමරිකව නැගෙනහිර පලාතට ගොස් සේනාවක් රැස්‌කොට ගෙන යුද්ධයක් පටන් ගත්තේය. උප රජ තෙමේ යුද්ධයෙන් පැරදී මලය රටටම පලා ගියේය. ඉක්‌බිති රජතෙම උප රජහු හා සමාදානයක් පවත්වා සංඝා නම් වූ තමාගේ දියණියක් ඕහට සරණ කොට දුන්නේය. සලමෙවන් රජු ඇවෑමෙන් අග්බෝ නම් වූ ඒ උප රජ තෙම රජවිය.
