ද්‍රාවකය (Solvent)
 

එනමල් වැනි තීන්ත වර්ග ආකාරයට, නිෂ්පාදනය කෙරෙන තීන්ත වඩාත් පහසුවෙන් හා ඒකාකාරී ව ආලේප කළ හැකි පරිදි පරිවර්තනය කර ගැනීම සඳහා ද්‍රාවකය යොදා ගැනේ. පෘෂ්ඨයේ ඇති හිදැස් තුළට කාවැදී, ඒවා පිරවීමට මෙය උදව් වේ. වැඩි වශයෙන් භාවිත කරන ද්‍රාවක වර්ගය ටරිපන්ටයින් වේ. එය වහා ගිනි ඇවිළෙන (Inflammable) වාෂිපශීලි ද්‍රාවකයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017