තීන්තවල ස්කන්ධය කෙරේ බලපාන ප්‍රධාන ද්‍රව්‍යය පාදකය යි. මේ සඳහා සුදු ඊයම්, රතු ඊයම්, ෆෙරස්, සින්ක් ඔක්සයිඩ්, මිනිරන් හා සංශ්ලේෂිත ද්‍රව්‍ය භාවිත කෙරේ. තීන්ත පටලයේ තද බව හා ගෙවීමට ඔරොත්තු දීම තීන්ත වියළීමේ දී හැකිළීම වැළැක්වීම හා වියළීම වළක්වා, පෘෂ්ඨය ආවරණය කෙරෙන පාරාන්ධ පටලයක් ඇති කිරීමට අදාළ වේ.