තීන්ත ආලේප කිරීම අවස්ථා තුනකින් කළ යුතු වේ.
1. ප්රාථමික ආලේපය (Primary coat) - පිරුම්ලේපය
2. යටි ආලේපය (Under coat) - යටිලේපය
3. අවසාන ලේපය (Finishing coat) - නිමහල් ලේපය
ප්රාථමික ආලේපය කිසියම් පෘෂ්ඨයකට යොදන මුල් ම ආලේපය යි. එය පෘෂ්ඨය සමඟ ද දෙවනු ව ආලේප කරන යටි ආලේපය සමඟ ද හොඳින් බැඳී තිබිය යුතු ය. පෘෂ්ඨය තුළට හොඳින් කාවැදී, කුඩා සිදුරු වසා දමයි. දැව හා බිත්ති මත යොදනු ලබන ආලේපයෙන් අවයව විසින් උරා ගනු ලබන තීන්ත ප්රමාණය පාලනය වීමක් ද ඇති කෙරෙයි. ලෝහ මතුපිටක දී නම් මල කෑමෙන් ආරක්ෂා කර දෙයි. පෘෂ්ඨය සමඟ රසායනිකව ප්රතික්රියා නොකරයි. පෘෂ්ඨය පුරා හොඳින් පැතිරී යයි.
යටි ආලේපය යනු ප්රාථමික ආලේපයටත්, අවසාන ආලේපයටත් අතර ඇති ආලේපයයි. මේ මගින් ප්රාථමික ආලේපය වැසේ. එසේ ම අවසාන ආලේපය සඳහා සුදුසු පෘෂ්ඨයක් ඇති කෙරෙයි. අවසාන ආලේපය ඉතා කල්පවතින්නා වූ ද, අලංකාර පෙනුමක් ලබාදෙන්නා වූ ද ආලේපය යි.