තීන්ත ආලේප කිරීම / පින්තාරු කිරීම (Painting)
 

ඉදිකිරීම් අවයවවල අවසන් නිමාව ලෙස විවිධ පෘෂ්ඨ මත යොදන දියර තට්ටුව, තීන්ත ලෙස හඳුන්වයි.


තීන්ත ආලේපය මගින් අපේක්ෂිත කාර්යයන්.

1. ඔක්සිකරණය (Oxidation), මල බැඳීම (Corrosion), දිරා යෑම (Decaying), කෘමීන්ගෙන් හා දිලීර වලින් වන වානි ආදියෙන් පෘෂ්ඨය සංරක්ෂණය කර ගැනීම.

2. අලංකාර, දර්ශණීය, කැපීපෙනෙන පෘෂ්ඨයක් ලබා ගැනීම.

3. තෙතමනය, තාපය, ශබ්දය ආදී බාහිර සාධකයන්ගෙන් පෘෂ්ඨය ආරක්ෂා කර ගැනීම.

4. සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂාකාරී, පරිසර හිතකාමි පෘෂ්ඨයක් ලබා ගැනීම.

5. පෘෂ්ඨය පිරිසිදු කර දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට හැකිවීම හා වායුගෝලීය හා අනෙකුත් සමාන සාධකවලින් පෘෂ්ඨය සංරක්ෂණය කරගැනීම.


(c) Shilpa Sayura Foundation 2006-2017