සිවිලිං නිමාවන් (Ceiling finishing)
 ගොඩනැගිල්ලක බිත්තිවල ඉහළ මට්ටමින්, වහලයේ යටි පෘෂ්ඨයට පහළින්, නිවැසියන්ගේ දේපළවල ආරක්ෂාවට තිරස් ව හෝ ආනත ව හෝ නිර්මාණයක කරන ආවරණය සිවිලිම නම් වෙයි.

මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
1. සිවිලිං රාමු (Ceiling frame)
2. සිවිලිං ආවරණය (Ceiling cover)

සිවිලිං රාමු ලෙස දැව භාවිත වන අතර, සිවිලිං ආවරණ ලෙස පැතලි ඇස්බැස්ටෝස් තහඩු, ලුණුමිදෙල්ල ලෑලි වැනි දෑ බහුල ව භාවිත වේ. මේ සිවිලිං තිරස් ව ද, වහලයේ හැඩයට අනුව ආනතව ද ඉදි කෙරේ. මේවා නිවාරණ සිවිලිං (Exposed ceiling) හා සවිකරන ලද සිවිලිං (Fixed ceiling) යන කාණ්ඩවලට අයත් වේ.

සිවිලිං තෝරාගැනීමේ දී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

* ගෙබිමෙහි ස්වභාවය (Nature of floor)
* පෙනුම (Appearance)
* කල් පැවැත්ම (Durability)
* නිවැසියන්ගේ ආරක්ෂාව (Safety of occupants)
* සේවා/උපකරණ ස්ථාපනය (Installation of services)
* ගිනි ආරක්ෂාව (Fire safety)
* පිරිවැය (Cost)
* ගොඩනැගිල්ලේ ස්වභාවය (Nature of building)
* ආලෝක පරාවර්තනය/අවශෝෂණය (Reflection / Absorption of light)
* ශබ්ද පරිවරණය (Sound Insulation)
(c) Shilpa Sayura Foundation 2006-2017