පළමුවන මිහිඳු ආදිපාද
 

ක්‍රි.ව. 738-741
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 03 යි)

මිහිඳු ආදිපාද තෙම රාජපදප්‍රාප්ත නොවී ආදිපාද ධුරන්ධරවම වෙසෙමින් රාජ්‍යනුශාසනා කෙළේය. තමන් සහෝදර කසුප් කුමරුගේ පුත් වූ අග්බෝ කුමාරයා උප රජ තනතුරෙහි තබා නැගෙනහිර ප්‍රදේශය දී එහි වාසය කරන්නට යැවුවේය. තමාගේම පුත්‍ර වූ අග්බෝ කුමාරයාට දකුණු ප්‍රදේශය දුන්නේය. මිහිඳු ආදිපාදයන් මළ කල්හි කසුප් කුමරුගේ පුත් අග්බෝ කුමාරයා සලමෙවන් යන නමින් රජවිය. ආදිපාදයන්ගේ පුත්‍ර තෙමේ උප රජ විය.

(c) Shilpa Sayura Foundation 2006-2017