මෙය ස්වාභාවික ව ලබා ගත හැකි බිටුමන් තාර විශේෂයකි. එසේ ම බොර තෙල් ශේෂ ද්‍රව්‍යවලින් ද (Residues) අපෝහණය වේ. ඒවා ශ්‍රේණිගත සියුම් සමාහාර සමඟ මිශ්‍රකර ගෙබිම් නිමහම් ද්‍රව්‍ය ලෙස සකසා භාවිත කළ හැකි ය. මැස්ටික් ඇස්ෆෝල්ට් ජලයට ප්‍රතිරෝධි (Impervious) වේ. ඒවා පැන්ට්‍රිහි කුඩා ස්ථාන (Scullerie), වැසිකිලි/නානකාමර (Wash room) හා සඳලුතල (Balconies) ආදිය සඳහා වඩාත් සුදුසු ය. තව ද තෙත් නිවාරණ පටලයක කාර්යය සම්පූර්ණ කරනු ලැබේ.
මැස්ටික් ඇස්ෆෝල්ට් තාප සුචිකාර්ය (Thermoplastic) ද්‍රව්‍යයකි. මූට්ටු රහිත ගෙබිම් නිමාවක් ලබාගැනීමට ද්‍රව බවට පත්කර ගත යුතු ය. 1800 C - 2100 C අතර පවතින උණු මැස්ටික් ඇස්පෝල්ට්, 13 mm ගනකමට සකස් කරන ලද තනි නිමාවක් ලෙසට මනිස් ලෑල්ලකින් ද, 16 mm ගනකම තනි ස්වයං නිමාවක් ලෙස ද ආලේප කළ හැකි ය.