ක්‍රි.ව. 732-738
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 06 යි)
පස්‌වෙනි අග්බෝ රජු ඇවෑමෙන් ඔහුගේ සහෝදර වූ තුන්වැනි කසුප් කුමාරයා රජවිය. හෙතෙමේ ද භක්‌තිමත් රජෙක් විය. සතුන් නොනසන ලෙස ආඥාවක් ද ඔහු විසින් පනවන ලදී. පියෙක් සිය පුතෙකුට පරිද්දෙන් හෙතෙම දානයෙන් ද ප්‍රිය වචනයෙන් ද අර්ථයෙහි හැසිරෙමින් ද මහජනයාට සංග්‍රහ කෙළේය. මේ රජු ඇවෑමෙන් බාල පුත්‍ර වූ මිහිඳු නම් ආදිපාදයන්හට රාජ්‍යය භාරවිය.
