ගොඩනැගිලිවලට යෙදෙන නිමහම් ක්‍රම
 
ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රියාවලියේ අවසාන අදියර එය නිමහම් කිරීමයි. මෙගින් මූලික ව ගොඩනැගිල්ලට ආකර්ෂණීය පෙනුමක් ලැබෙන අතර, පිරිසිදු කිරීමේ පහසුව මෙන් ම පෘෂ්ඨයේ ආරක්ෂාව ද තහවුරු කෙරේ. බොහෝ අවස්ථාවල දී ශක්තිය වැඩි කිරීමට ද ගොඩනැගිලිවල එක් එක් අවයව සඳහා යොදන නිමහම් ක්‍රම විවිධ ය.

* බාහිර හා අශ්‍යන්තර බිත්ති කපරාරුව, පතුල් පටිය හා කයිරුව මත කපරාරුව, උළු ඇල්ලීම හා කපරාරුව මත තීන්ත ආලේපය.
* ගෙබිමට සිමෙන්ති දැමීම, කොන්ක්‍රීට් දැමීම, ටෙරාසෝ යෙදීම, බිත්ති උළු පිඟන් ගඩොල් ඇල්ලීම, දැව පටි ආස්තරණය හා ගෙබිම තීන්ත ආලේපය.
* දැව අවයව මත තීන්න ආලේපය.
* සිවිලිම මත තීන්ත ආලේපය.
* ලෝහමය සංචකයන් මත තීන් ආලේපය.

මෙම නිමහම් කටයුතු වල දී විවිධ ද්‍රව්‍ය භාවිත කෙරේ. මේ සඳහා භාවිත කරන ක්‍රමවේදයන් ද එකිනෙකට වෙනස් වේ. එබැවින් විවිධ නිමහම් ක්‍රමවල ප්‍රයෝජන, ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍යයන් සහ යෙදීමේ ක්‍රමවේද පිළිබඳ ව දැනුවත් වීම ද වැදගත් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017