ජනේල වර්ගීකරණය
  ජනේලයේ හැඩය අනුව හා එය ගොඩනැගිල්ලක පිහිටුවන ස්ථානය අනුව මෙම වර්ගීකරණය කෙරේ.

හරස් කලම්ප ජනේලය
දැවයෙන් පමණක් නිර්මාණය කෙරෙන සිරස් ලෑලි, තිරස් කලම්ප සමඟ සම්බන්ධ කෙරෙන ජනේල විශේෂයකි. එල්ලා වැටීමට ඇති හැකියාව මෙහි දුර්වලතාවය යි.

ලෑලි පළල 100 mm - 175 mm හා ගනකම 20 mm - 32 mm
කලම්ප පළල 100 mm - 175 mm හා ගනකම 25 mm - 32 mm

හරස් කලම්ප හා ඉල කලම්ප ජනේල
මෙම ජනේලවල හරස් කලම්පයනට අමතර අවයවයක් එනම් ඉල/හැඩ කලම්ප යොදා ඇත. එය ද 100 - 175 mm පළල හා 25 - 32 mm විය හැකි ය. එය ස්ථානගත කරන ආකාරය ද වැදගත් වෙයි. (හරස් කලම්ප හා ඉල කලම්ප දොර මෙනි)

වීදුරු ජනේල
මෙම ජනේලය රේගල, රාමු සහිතව වීදුරු තහසුවලින් සමන්විත ය. වීදුරු යොදා ගැනීම නිසා එය වසා තිබුණ ද කාමරය තුළට ආලෝකය ගමන් කරන නිසා ස්වාභාවික ආලෝකකරණය සඳහා ආධාර වේ. මෙහි අංග සඳහා දැවවල ප්‍රමාණයන් පහත දැක්වේ.

රේගල - පළල 75 - 100 mm, ගනකම 25 mm
අංශ පටි - පළල 75 - 100 mm, ගනකම 25 mm
බීඩිම - 12 mm ගනකම
වීදුරු තහඩුව - 6 mm ගනකම
(c) Shilpa Sayura Foundation 2006-2017