ජනේල (Windows)
  ගොඩනැගිල්ලකට ජනේල තබන්නේ ආලෝකය හා වාතාශ්‍රය ලබාගැනීමේ අරමුණෙනි. එහෙයින් ොහෝ විට ජනේල වැඩිපුර ප්‍රමාණයක් යොදනු ලබන්නේ ගෝඩනැගිල්ලේ බාහිර පෘෂ්ඨ මත ය.

නේවාසික ගොඩනැගිලිවල යොදන ජනේලවල අවම වර්ගඵලය එහි ගෙබිම වර්ගඵලයෙන් 1/7ක් විය යුතු ය. එසේ ම අවම වශයෙන් ඉන් අඩක් වාතාශ්‍රය ලබාගැනීමට හැකි වන සේ හැකි සෑම විට ම විවෘත කළ හහැකි විය යුතු ය.


එසේ ම සූර්ය රශ්මියෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා ජනේල මත හිරු ආවරණයක් (Sun Said) නිර්මාණය කෙරෙන අවස්ථා ද වේ. එහි පළල අවම වශයෙන් මිලිමීටර 450 විය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017