සොයිබ (Bolts)
  දොර පියන ඉහළ හා පහළ කෙළවරවල් උළුවස්සට වඩාත් සවිමත්ව වැසීමට හා අගුළු නොයොදා තාවකාලිකව වසා තැබීමට, සොයිබ උපකාරි කරගැනේ. මේවා පිත්තල මෙන් ම වානේවලින් ද නිමවා ඇත.

* දොර මුදුව (Door ring)
* අගුළු කෝල හා මිට වර්ග (Door handles)
* කොන්ඩිපට්ටම් (Hasp and Staple)
* ඉබි යතුරු (Padlocks and Keys)
* Hook and eye
* ලීස්තර හා අරුව (Architraves and Moulds)

දොර ජනේල විවර වටා බිත්තිවල කපරාරුව මත ප්‍රක්ෂේපණව ඉදි කරන බදාම කට්ටය ලීස්තරය හෝ අරුව ලෙස අර්ථ දැක්විය හැකි ය.

මෙවැනි ලීස්තරයක පළල 25-50 mm දක්වා වන අතර, 12 - 16 mm දක්වා විය හැකි ය. මෙසේ ප්‍රක්ෂේපණය වූ බදාම ලීස්තරය සුමට ව නිමවා සුද තබනු ලැබේ. මෙම ලීස්තරය සෘජු සම මට්ටම් වූ පටියක් ලෙස හෝ රැලි සහිතව හෝ කට්ට කිහිපයකින් බොරදම් බේරමින් හෝ වැඩ අවසන් කළ හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017