සරනේරු (Hinges)
  දොර පියන උළුවහු කණුවට සවි කරනුයේ සරනේරු මගිනි. දොරෙහි ප්‍රමාණය අනුව සරනේරු ජෝඩු 1 ක් හෝ 2 ක් යොදා ගැනේ. ඉහළ සරනේරුව ආතන්‍ය බලයකට ද, පහළ සරනේරුව සම්පීඩන බලයකට ද භාජනය වේ. සරනේරුවල විවර්තනීය ස්ථාන ස්නේහනය (Lubrication) කිරීම ඉතා වැදගත් ය.

තව ද සරනේරු සවි කිරීම සඳහා ඉස්කුරුප්පු ඇණ භාවිත කෙරෙනුයේ දොර පියනේ බර නිසා, එය විචර කිරීම හා වැසීමේ දී ක්‍රියාත්මක වන ඝූර්ණ බලවලට ඔරොත්තු දීම සඳහා ය.

(c) Shilpa Sayura Foundation 2006-2017