තුනී ලෑලි දොර (Plywood door)/සමමට්ටම් දොර (Flush door)
  ගොඩනැගිල්ල ඇතුළත කාමර සඳහා වඩාත් යෝග්‍ය දොර වර්ගයන් ය. දොර පියන පුරා ඇතුළතින් හා පිටතින් එක ම ගනකමකින් යුක්ත වන අතරඇඹරී නොයයි. එසේ ම හැඩය ද නොවෙනස් ව පවතී.

මෙම දොර විශේෂය ප්‍රධාන වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි ය.

1. රාමු සමමට්ටම් දොර (Framed or hollow / core flush door)
2. සම්බන්ධිත (ආස්තෘත) සමමට්ටම් දොර (Solid or laminated flush door)

මෙම දොර කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017