පනේල දොර (Panelled door)
  පනේල වර්ගයේ දොර පියනක්, රාමුවක් ඇතුළත නිර්මාණය කළ පුලුක්කුවකට (Groove) කාවද්දා ඇති පනේල එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ. (දොර රාමුව හා පටලවා නොගත යුතු ය.) විවිධ ප්‍රමාණයේ හා වර්ගයේ පනේල එකේ සිට හය දක්වා වූ දොර විශේෂ වර්තමානයේ ගොඩනැගිලිවල භාවිත වේ. මනා නිමාවකින් යුක්ත නිසා ජනප්‍රිය වී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017