රාමුව සහිත හරස් කලම්ප ඉල කලම්ප දොර (Framed Ledged Braced & Battened door)
 මෙය ශක්තිමත් දොර විශේෂයකි. පියන වටේ අංශ පටිවලින් සමන්විත වූ රාමුවකින් ද (මෙය දොර රාමුව/උළුවස්ස හා පටලවා නොගත යුතු ය.) සිරස් ලෑලි, තිරස් කලම්ප රේගල හා ඉල කලම්ප (හැඩ/මුලු කලම්ප) ආදියෙන් සමන්විත වේ. රේගල, මුදුන්, මැදි හා යට රේගල/කලම්ප ලෙස ස්ථාන තුනක පිහිටයි.

එම අවයවවල හරස්කඩ මිනුම් පහත දැක්වේ.

අංශ පටි - 113 × 60 mm
මැද හා යට රේගල - 225 × 35 mm
මුදුන් රේගලය - 115 × 60 mm
මුළු කලම්ප - 115 × 35 mm
සිරස් ලෑලි - 25 mm (ගනකම)
(c) Shilpa Sayura Foundation 2006-2017