ඉලය සහිත හරස් කලම්ප දොර (Ledged Braced & Battened door)
  හරස් කලම්ප වර්ගයේ දොර පියන පිටත දාරයෙන් එල්ලා වැටීමට ඇති හැකියාව වැඩි ය. මෙයින් දොරෙහි හැඩය විකෘති වී, එය ඇරීමට හා වැසීමට බාධා ඇති වේ. මේ තත්ත්වය මග හරවා ගැනීමටත් දොර පියනේ දෘඨතාව (Rigidity) වර්ධනය කිරීමටත් තවත් අවයවයක් ආනත ව යොදා ගත හැකි ය.

ඒවා මුළු කලම්පය (හැඩ/ඉල කලම්පය) ලෙස හැඳින්වේ. මෙහි හරස් කඩද 100×20 mm සිට 175×32 mm දක්වා වෙනස් වේ. මෙලෙස නිර්මාණය කරන දොර ඉලය සහිත හරස් කලම්ප දොර ලස හඳුන්වනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017