උළුවස්ස නිර්මාණය කොට තබා ගැනීමේ දී අදාළ කවුළුවේ රඳවන තෙක් පහළ කෙළවර සඳහා සවිමත් වන්නට බැඳීමක් නැති නිසා හැඩය විකෘති වීම වැළැක්වීම සඳහා 50×25 mm තාවකාලික දැව පටියක් සවි කරනු ලැබේ. අදාළ ස්ථානයේ උළුවස්ස තැන්පත් කිරීමෙන් පසු ව මෙම තාවකාලික දැව පටිය ඉවත් කරනු ලබයි.