හරස්ලීය (Transom)
  ඇතැම් උළුවහුවල ඉහළ කොටස තිරස් ලූවර, සිරස් ලූවර, ලැටිස් වැඩ හෝ බීරළු යෙදූ හිස් අවකාශයක් ඇතිව නිර්මාණය කරයි. දොර පියන වසා තැබුව ද එම හිස් අවකාශය වාත සංසරණයට ඉඩකඩ සලසයි.

මෙම අවකාශය කවලිය (Fan light) ලෙස හඳුන්වන අතර, ඒ සඳහා යොදාගන්නා තිරස් දැව අවයවය හරස් ලීය ලෙස හැඳින්වේ. දොර පියන වැසීමේ දී එය හේත්තු වීම සඳහා පෙර සඳහන් කළ ආකාරයට 12-16 mm ප්‍රමාණයේ තට්ටුවක් (Rebate) නිර්මාණය කළ යුතු ය. එවිට මෙවැනි දොර උළුවහුවල ඉහළින්ම පිහිටි උළුවහු හිසේ තට්ටුවක් නිර්මාණය කිරීම අවශ්‍ය නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017