උළුවහු හිස
  උළුවස්සේ ඉහළින් ම පිහිටි තිරස් දැව අවයවය හිසයි. එය කොන්ක්‍රීට් ලින්ටලයට පහළින් සවි වේ. දැව අවයවයේ නාමික හරස්කඩය 100×75 mm වන අතර, දෙකෙළවර 50-100 mm දක්වා වූ ප්‍රමාණයක් ප්‍රක්ෂේපණය කර ඇති අතර, එය කණ ලෙස හඳුන්වයි. හිසෙහි 12-16 mm දක්වා වූ තට්ටුවක් යොදා ඇත්තේ දොර වැසීමේ දී හේත්තු වී රැඳීම සඳහා ය.

(c) Shilpa Sayura Foundation 2006-2017