උළුවස්සක ප්‍රධාන කොටස්
  දොර උළුවස්ස, බිත්ති තුළ ඇති විවරය/කවුළුව තුළ ස්ථානගත කෙරෙන අතර, දොර පියන දොර උළුවස්සට සවි කෙරේ. සමහර විට දොර පියනේ ද රාමුවක් තිබිය හැකි ය. එමඟින් දොර පියන්වල ශක්තිමත්භාවය හා ස්ථායිතාව වඩාත් වර්ධනය වේ.

ලින්ටලය
උළුවස්ස සඳහා වූ කවුළුවේ ඉහළින් යොද ඇති කොන්ක්‍රිට් අවයවය ලින්ටලය යි. කවුළුවේ/විවරයේ ප්‍රමාණය අනුව ලින්ටලයේ දිග, හරස්කඩ හා යොදන වැරගැන්නුම් කම්බි ගණන හා ඒවායේ විෂ්කම්භය තීරණය වේ. කොන්ක්‍රීටයේ මිශ්‍රණ අනුපාතය 1:2:4 ලෙස සැලකේ.
(c) Shilpa Sayura Foundation 2006-2017