දොරක ප්‍රධාන කොටස් කිහිපයකි.
 * දොර උළුවස්ස/රාමුව (Door frame)
* දොර පියන (Shutter/Wing)
* දොරට සවි කර ඇති සවිකුරු (Door fittings/Ironmongery)

මූලික ව දොර විවර ව පවතින විට නිවැසියන්ගේ ආරක්ෂාකාරී නිදහස් ගමනාගමනයට ඉඩ සලසයි. එසේ ම දොර වසා ඇති විට නිවැසියන්ගේ හා දේපළවල ආරක්ෂාව සලසන අතර අනවසර ඇතුළුවන්නන් පාලනය කිරීම ද සිදුවේ.

එසේ ම නිවස තුළට ආලෝකය හා වාතාශ්‍රය ස්වභාවික ව ලබා ගැනීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කරදීම, ශක්තිය හා කල් පැවැත්ම ලබා දීම, පීඩාකාරී කාලගුණික තත්ත්වයන්ට ප්‍රතිරෝධයක් දැක්වීම මෙමගින් සිදුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017