දොරක ප්‍රධාන කොටස්
 දොරක් යනු බිත්ති විවරයක, රාමුවකට අසව්ගත කොට, විවර්තන කොට හෝ ලිස්සායෑමෙන් විවෘත කිරීමට හෝ වැසීමට හැකි ඝන බාධකයකි.

එතුළින් ගොඩනැගිල්ලෙහි කාමර අතර ගමන් කිරීමට හෝ බරාඳයකට () පිවිසීමටත්, ඉන් පිටවීමටත් හැකියාව ඇත. තව ද පෞද්ගලිකත්වය රැකගැනීම හා ආරක්ෂාව සඳහා දොර වසා තැබිය හැකි ය.

දැව, වීදුරු, ලෝහ (ඇලුමිනියම්) හෝ ප්ලාස්ටික් හෝ මේ ද්‍රව්‍යවල ඒකාබද්ධතාවකින් යුත් ද්‍රව්‍යවලින් දොර නිර්මාණ කර ගත හැකි ය.

මෙම පාඩමේ දී දැවයෙන් නිර්මාණ කරන ලද දොර පිළිබඳ ව පමණක් සාකච්ඡා කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017