පහුරු අත්තිවාරම (Raft foundation)
  උස ගොඩනැගිලිවල දී, පොළොවට සම්ප්‍රේෂණය කරන භාරයන් අධික වීමත්, දුර්වල පස් සහිත වැඩ බිම්වල ඇති පසෙහි ඉසිලුම් ධාරිතාව අඩු නිසාත්, කුලුනු ආසන්නව පිහිටීම නිසාත් එහි කොට්ට අත්තිවාරම් භාවිත කිරීම ප්‍රායෝගික නොවේ.

එවැනි අවස්ථාවල දී සම්පූර්ණ ගොඩනැගිල්ල වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට්වලින් සැදි තනි පහුරක් අත්තිවාරම ලෙස යොදමින් ඉදිකරනු ලබන අත්තිවාරම් පහුරු අත්තිවාරම් ලෙස හඳුන්වයි.


(c) Shilpa Sayura Foundation 2006-2017