වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම (R.C.C. strip foundation)
 

පළල් පටි අත්තිවාරමේ යටි පටිය/තීරුව, වැරගැන්වූ කම්බි (Reinforcements) සහිතව කොන්ක්‍රීට් භාවිතයෙන් බොහෝ විට ඉදි කරනු දැකිය හැකි ය. එහි කයිරු බැම්ම (Plinth wall) සාමාන්‍ය ආකාරයට ගඩොලින්, කළුගලින් හෝ කොන්ක්‍රීට්වලින් නිර්මාණය කර ගත හැකි ය. අසාමාන්‍ය පතිතවීම්වල දී ද එයට ඔරොත්තු දිය හැකි ලෙස පටිය නිර්මාණය කර ගත හැකි නිසා මෙය සාර්ථක අත්තිවාරමක් ලෙස ප්‍රසිද්ධ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017