පටු පටි අත්තිවාරම (Narrow strip foundation)
  ඉසිලුම් ධාරිතාව (Bearing capacity) වැඩි යටි පසක් සහිත අවස්ථාවන්හි දී ගොඩනැගිල්ලේ බර හා එහි තෙරපුම දරාගත හැකි වන ලෙස බිත්තියේ පළලට ආසන්නව සමාන පළලකින් යුත් සන්තතික පටියකින් ඉදිවන අත්තිවාරම පටු පටි අත්තිවාරම නම් වේ.

අසාමාන්‍ය පතිතවීමකින් තොරව, ඉසිලුම් ධාරිතාව වැඩි පසෙහි ඉදිකරන අත්තිවාරම්වල දී පටු පටියක් ලෙස ඉදිකිරීම මගින් අත්තිවාරම එළීම සඳහා වැය වන මුදල අඩු කර ගත හැකි වීම නිසා මෙය ඉතා ජනප්‍රිය ඉදි කකිරීමක් බවට පත් ව ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017