තෙත් නිවාරණ වැටිය (Damp proof course)
 පස්වල අඩංගු පාංශු ජලය, කේෂාකර්ෂණ ක්‍රියාවලිය ඔස්සේ අත්තිවාරම හරහා බිත්ති දිගේ ඉහළට යෑම වැළැක්වීම සඳහා කයිරි බැම්ම මත එළනු ලබන බාධකය තෙත් නිවාරණ වැටිය ලෙස හැඳින්වේ. 1:3 සිමෙන්ති : වැලි බදාමයෙන් 20 mm ඝනකමට රළුවට එළීමෙන් පසු ඒ මත උණු කරන ලද තාර හෝ තඹ, ඇලුමිනියම්/ප්ලාස්ටික් වැනි තහඩු හෝ වෙනත් වැඩිදියුණු කළ ආලේපන විශේෂයන් හෝ භාවිත කළ හැකි ය.

ගොඩනැගිල්ලක් ඉදි කරන භූමියේ ඉසිලුම් ධාරිතාව, ගොඩනැගිල්ලේ ස්වභාවය (භාරය) මෙන් ම එම ප්‍රදේශයේ පවතින පාරිසරික භාර හා කම්පන භාර සලකා බලා ඊට ගැළපෙන සේ අත්තිවාරම කුමක් දැයි පිරිමැවුම්කරුවෝ තීරණය කරති.
(c) Shilpa Sayura Foundation 2006-2017