පසු පිරවුම් (Back fill)
 

අත්තිවාරම් කානුවේ පිට බිත්තියේ හා කයිරු බැම්ම අතර පිහිටි හිස් අවකාශය, සුදුසු පස් වර්ගයකින් පුරවනු ලැබේ. ඒවා තුනී ස්තරවලින් (150 mm තට්ටු ලෙස) එළා ජලය දමා තළා සකස් කෙරේ. මෙමගින් පසේ වාත කුහර ප්‍රමාණය අඩු කොට ඝනත්වය වැඩි කර ගනියි. මෙම පස් පිරවුම පසු පිරවුම වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017