මතුපිට පසේ හියුමස්, ශාඛමය දිරා ගිය කොටස්, දිලීර සහ කෘමි සතුන් අන්තර්ගත බැවින් අත්තිවාරම් කාර්යය සඳහා සුදුසු නොවේ. අත්තිවාරම සඳහා ගෙපළ සකස් කිරීමේ දී ගොඩනැගිල්ලට යට වන භූමියට වඩා හතර පැත්තෙන් ම 1 m පමණ වපසරියක මතුපිට පස් තට්ටුවක් 150 mm ගැඹුරට කපා ඉවත් කෙරේ.
සැලැස්මට අනුව බිම් සලකුණු කොට, අවශ්‍ය පළලින් සහ ගැඹුරින් යුත් අත්තිවාරම් කානු කණිනු ලබයි. යෝජිත අත්තිවාරම එළනු ලබන්නේ එම අත්තිවාරම් කානුවෙහි ය. අත්තිවාමේ පළල සහ ගැඹුර තීරණය වන්නේ ගොඩනැගිල්ලේ තරම හා පසේ ඉසිලුම් ධාරිතාව පදනම් කරගෙන ය.