ගොඩනැගිලි සඳහා භාවිත අත්තිවාරම්
 ගොඩනැගිල්ලක භාරයන් (Loads), එය රඳවා ඇති භූමිය මත පතිත කරන හැටුම (Structure) අත්තිවාරම (Foundation) යි. අත්තිවාරම රඳවන භූමියේ ස්වභාවය විවිධ විය හැකි ය. එනම්, පස්, පාෂාණ, වගුරුබිම් හෝ ගංගා, මුහුදු වැනි ජලය රඳන ස්ථානයක පතුලේ වුව ද අත්තිවාරම පිහිටුවිය නැකි ය.

අත්තිවාරම රඳන ස්ථානයේ ස්වභාවය අනුව එයට දැරිය හැකි භාරයන් වෙනස් වේ. එම නිසා අත්තිවාරමක මූලික කාර්යයන් වන්නේ එම ගොඩනැගිල්ලේ භාරයන් කුමක් වුව ද අදාළ භූමියට දරාගත හැකි පරිදි අවශ්‍ය ප්‍රදේශය පුරා වැඩි වර්ගඵලයක ව්‍යාප්ත කරවීම යි.

මෙහි දී අත්තිවාරම මත ක්‍රියාත්මක භාරයන්වල මල බර (Dead load), සළ බර (Live load), පාරිසරික බර (Environmental load) මෙන්ම ගිනි, මලබැඳීම්, පිපිරැම්, රථවාහන ආදියේ කම්පන වැනි වෙනත් භාරයන් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය.

ගොඩනැගිල්ලේ ස්වභාවය එනම් වර්ගය, විශාලත්වය, සම්ප්‍රේෂිත භාරය (Nature of building) හා පසේ තත්ත්වය (Quality of soil) ගැන ගැඹුරින් සලකා, ඊට අනුරූප වූ විවිධ ද්‍රව්‍ය භාවිතයෙන් අත්තිවාරම ඉදි කළ යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017