වැසි දිය බස්නා නළ හා උපාංග (Rain down pipes and accessories)
 ගලාකාර හිස තුලින් හා යටිකුරු කෙම් හිස තුළින් පහළට ගලා එන වැසිදිය, දියබස්නා නළ ඔස්සේ පොළොව දෙසට ගලා යයි. දියබස්නා නළ දෙකක් සම්බන්ධ කරන්නේ දියබස්නා නළ පිරිද්දුම (Down pipes joiner) මඟිනි.

දියබස්නා නළ නොසෙල් වී බිත්තියට සවිවන්නේ බිත්තිය තුළට ගිල්වන දැව කුට්ටිවලට සවි වූ දියබස්නා නළ අල්ලු මගිනි. එසේ ගලා යන වැසිදිය පොළොවට පතිත වන්නේ යටිකුරු නළයේ අග කෙළවරට සවිකර ඇති යටිකුරු නළ නැම්ම තුළිනි.


දිය බස්නා නළ වෘත්තාකාර, හතරැස් හා ඩිලුක්ස් හැඩයන්ගෙන් සමන්විත ය. මේ සඳහා U.P.V.C. වලට අමතර ව සින්ක් ඇලුමිනියම් තහඩු යොදා සැකසූ දිය බස්නා නළ හා උපාංග බහුල ව යොදා ගැනේ.
(c) Shilpa Sayura Foundation 2006-2017