වහලයේ අගුව දිගේ වඩිම්බු ලෑල්ල මත පීලි අල්ලු මගින් වැහි පිහිලි සවි කරනු ලබයි. වහලයේ ගේබල් කෙළවරේ වම් පස හා දකුණු පස කෙළවර ආවරණය සඳහා වම හා දකුණ කෙළවර වැසුම් (End cap - left and right) යොදා ගනී. වැහිපිහිලි දෙකක් එකිනෙක සම්බන්ධ කෙරෙන්නේ වැහිපිහිලි පිරිවැද්දුමක් (Gutter Joiner) මගිනි.
වහල නෙත්ති කෙළවරේ දී (Hipped end) වැහිපිහිලි 900 මයිටර් මූටිටුවක් මගින් පුරුද්දනු ලබයි. යටිකුරු කෙම්හිස (Down spout head) ස්ථානගත වන්නේ වහලයේ කාණු පීල්ල අසලිනි.
අතරමැදි ස්ථානවල දී වැහිපිහිල්ලෙන් දිය බස්නා නළයක් යෙදීමට අවශ්‍ය වන විට ඒ සඳහා යොදන උපාංගය ගලාකාර හිස (Running Head) ය. නූතනයේ සින්ක්-අලුමිනියම් තහඩුවලින් තැනූ පීලි ආකර්ෂණීය පෙනුමක් ලබාදේ.