වඩිම්බු ලෑල්ල (Valance board)
 වහලයේ අගුව දිගේ, පරාල පාදය මත සවි කරන ගනකමැති දැව පුවරුව බඩිම්බු ලෑල්ල ලෙස හැඳින්වේ. වර්තමානයේ දැව වෙනුවට ඇස්බැස්ටෝස් තහඩු, ගැල්වනයිස් හෝ ඇලුමිනියම් තහඩු ආදිය භාවිත කෙරේ.

පුරාණ ගොඩනැගිලිවල දැවයෙන් කළ විසිතුරු මෝස්තර දක්නට ලැබේ. හරස්කඩ මිම්ම 175 × 20 mm සිට 225 × 20 mm දක්වා වෙනස් වේ. වඩිම්බු ලෑලි දෙකක් පරාල පාදය මත දී හැඩ මූට්ටුව (Splayed joint) මගින් මූට්ටු කෙරේ.

බඩිම්බු ලෑල්ල යෙදීමේ මූලික අරමුණ නම්, වහලයේ යොදා ඇති පරාල කෙළවරවල් තෙමී දිරා යෑම වළක්වා, පරාල කෙළවරවල් ආරක්ෂා කිරීම ය. එමෙන් ම වඩිම්බු ලෑල්ල මත වැහි පීලි සවි කිරීමට හැකි වීම අතුරු වාසියකි.
(c) Shilpa Sayura Foundation 2006-2017