පරාල (Rafters)
  මුදුන් යටලීයේ සිට අට්ටාලය හරහා බිත්ති යටලීය ඉක්මවා අගු කෙළවර දක්වා දිවෙන ආනත වූ දැව අවයව පරාලය යි. පරාල හිස (Head of the rafter) මුදුන් යටලීයට සවි කරන අතර පරාල පාදය (Foot of the rafter) අගුව තෙක් දිවෙයි. බිත්තිය මත පිහිටි බිත්ති යටලීය උඩ රැඳෙන පරාලය පහළට ලිස්සා යෑම වැළැක්වීම පිණිස දැව මූට්ටුවක් ලෙස කට්ටයක් කපා ඇත.

මෙම කට්ටය පරාලයේ උසෙන් 1/3 ක් ඉක්මවා නො යා යුතු ය. මෙම දැව මූට්ටුව ඉලිප්පු මූට්ටුව (Birds mouth joint) ලෙස හැඳින්වේ. මුදුන් යටලීය හා බිත්ති යටලීය මත දී කම්බි ඇණ ගසා ඒවා වඩාත් ශක්තිමත් කෙරෙයි. සෙවිලි ද්‍රව්‍යය අස්බැස්ටෝස් තහඩු වන්නේ නම්, පරාල දෙකක් අතරමැදින් මැද පරතරය 900-1000 mm වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017