වහලයක අනෙකුත් කොටස්
  මුදුන් යටලීය (Ridge plate)
ගොඩනැගිල්ල මධ්‍යයේ එහි මුදුනින් ම දික් අතට සමාන්තර ව (තිරස් ව) යොදන දැව අවයවය මුදුන් යටලීය නම් වෙයි. එය වහලයේ කොඳු නාරටිය ලෙස හැඳින්විය හැකි ය. දෙපල වහලයක දී පරාල යුගලවල හිස් (Head of rafters) මුදුන් යටලීය මත දී එකිනෙක මුණගැසේ.

මූලප්පරාල (නෙත්ති) වහලක දී නම් මූලප්පරාලවල හිස් ද එකිනෙක සම්බන්ධ වේ. මුදුන් යටලීය සඳහා භාවිත දැවයේ හරස්කඩ මිනුම 150 mm x 50 හෝ 175 mm x 50 mm වේ. දිග වැඩි කර ගැනීමේ දී මුදුන් යටලී මූට්ටු කිරීම පිණිස කයිනොක්කු මූට්ටුව (Searf joint) භාවිත කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017